2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් විශාල ගනුදෙනුවක්|මහේල ප්‍රශ්න කරයි




කණ්ඩායමේ නැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි, 2011 ලෝක කුසලානය අවසන් මහ තරගයට මුදලට විකුණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය පිළිබඳව නැවත වරක් මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ප්‍රශ්න කර තිබේ.

මහේල ජයවර්ධන මහතා පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.


“අවුරුදු 09කට පසු අපි බුද්ධිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු…” යැයිද ඔහු සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments